චිබා ප්‍රාන්තයේ නිවසකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ


නිවසකින් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

පසුගිය මැයි 3 වැනි දින රාත්‍රී 10.35 සහ 11. 00 අතර කාලයේදී Chiba ප්‍රාන්ත නගරයේ Chuo Ward හි නිවසක පළමු මහලේ ජනේලය බිඳ දමා යෙන් මිලියන 2.2 සහ යෙන් 820,000 වටිනා මුදු ද්විත්වයක් සොරකම් කළ බවට සැකපිට 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු  ප්‍රාන්ත පොලිසිය විසින් පසුගිය සඳුදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

Kimutsu නගරයේ ස්වයං රැකියාවක නියුතුව සිටි Sho Ishida සහ Ichihara නගරයේ සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කළ Ryo Urimine යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර  නිවෙස් හිමියා මෙම ගොඩනැගිල්ල ඔහුගේ කාර්යාලය ලෙස භාවිතා කර ඇති බව පැවැසේ. 

 

සොරකම සිදුවන මොහෝතේ ඔහු නිවසේ සිට නොමැති අතර මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලය තුළදී ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවලින් මෙවැනිම සිද්ධීන් 209 පිළිබඳව වාර්තා වී ඇති බවත් සැකකරුවන් දෙදෙනා එම සිද්ධීන් වලින් කිහිපයකට සම්බන්ධ බවට සැකකෙරෙන බැවින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු අඛණ්‌ඩව සිදුකරන බවත් පොලිසිය සදහන් කළේය.

122 Views

Comments