කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට.


කාන්තාවකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

චොෆු පොලීසිය විසින් ටෝකියෝ ප්‍රාන්තයේ 20 හැවිරිදි කාන්තාවකට පසුගිය මාසයේ නිවසට යමින් සිටියදී ලිංගික අතවර කළ බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙකු බදාදා අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන පරිදි මෙම සිදුවීම ජූලි මස 9 වන දින මධ්‍යම රාත්‍රියේ පමණ සිදුවී ඇත. පොලිසිය පවසා සිටියේ බැංකු සේවකයෙකු වන ෂෝගෝ එදා අධික ලෙස මත්පැන් පානය කර එම කාන්තාව වෙත පැමිණ වතුර තිබේදැයි අසා ඇති අතර ඇය එයට අකමැති වී ඇය දිගටම ගමන් කර ඇති බවයි.

 

පොලිසිය පවසා ඇත්තේ එදා එම කාන්තාව පසුපසින් මීටර් 300ක් පමණ ගොස් ඇති අතර පසුව ඇයගේ අතක් පිටුපසින් අල්ලා ඇගේ පපු ප්‍රදේශය අල්ලාගෙන ඇති බවයි. පොලිසිය පැවසුවේ වීදි නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු ඒ එම පුද්ගලයා බව හදුනා ගෙන ඇති බවයි.

Comments