බිරිඳඟේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට.


තම බිරිඳ ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

එහිමි ප්‍රාන්තයේ Niihama City හි පොලිසිය විසින් 53 හැවිරිදි පුද්ගලයෙකු තම 57 හැවිරිදි බිරිඳ ඔවුන්ගේ නිවසේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසියට අනුව මුනෙටකේ ෆුජිටා නමැති සමාගම් සේවකයෙක් එම චෝදනාව පිළිගෙන ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර සිටියේ සඳුදා රාත්‍රී 9:30 ට පමණ ෆුජිටා වෙතින් පොලිසියට ඇමතුමක් ලැබුණු බවත් එහිදී ඔහු කියා සිටියේ මීට විනාඩි 15කට පමණ පෙර තම බිරිඳ ඝාතනය කළ බවයි.

 

පොලිසිය නිවසට ගොස් ඇති අතර එහිදී ෆුජිටාගේ බිරිඳ කසුමි සාලය මත වැටී සිටිනු දක්නට ලැබී ඇත. තුවායෙන් ගෙල සිරකර හා පහර කෑමට ලක් වූ එම කාන්තාව රෝහලට රැගෙන ගිය අතර අඟහරුවාදා ඇය එහිදී මිය ගොස් ඇත. තම බිරිඳ ඝාතනය කිරීමට ෆුජිටා කිසිදු හේතුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව පොලිසිය පවසා ඇත.

102 Views

Comments