සුෂි අරක්කැමියාගේ පිහි බිමට වැටීමෙන් මගීන් කලබලයට පත් වෙති.


අරක්කැමියා ගේ පිහි බිම වැටීමෙන් දුම්රිය මගිහු කලබල වෙති

.

ටෝකියෝ දුම්රියක සුෂි අරක්කැමියෙකු වැරදීමකින් ඔහුගේ පිහි බිම වැටීමත් සමඟ මගීන් කලබලයට පත් වී ඇත. අදාල දුම්රිය සමාගම වන Keikyu Corp. පවසා ඇත්තේ අගනුවර ගුවන් තොටුපළ අසල Anamori-inari නැවතුම්පොළේ දී අරක්කැමියාගේ පිහි බිම වැටීමෙන් පසු ගුවන් තොටුපළ මාර්ගයේ මගියෙකු හදිසි නැවතුම් බොත්තම ක්‍රියා කර ඇති බවයි. 

 

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ කමටා පොලිස් ස්ථානය පවසා ඇත්තේ මෙම පුද්ගලයා 54 හැවිරිදි සුෂි ආපනශාලා සේවකයෙකු බවයි. එම දුම්රියේම සිටි පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර මෙම පුද්ගලයා සතුව නීත්‍යානුකූල හේතුවක් මත පිහි තිබූ බැවින් පොලිස් ස්ථානය මෙම නඩුව විභාග කර නොමැති බව වාර්තා වේ.

Comments