ජපානයේ සහ එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නැංවූ චීන යුධ අභ්‍යාස මාලාව


චීනයේ යුධ අභ්‍යාස සඳහා ජපානය හා එක්සත් ජනපදය දිගින් දිගටම විරුද්ධ වේ

.

ප්‍රජාතන්ත්‍රවාදී දිවයින තුළට එක්සත් ජනපදය විසින් සිදුකළ ඉහළ පෙළේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් මේ මස මුලදී තායිවානය වටා වූ ප්‍රදේශවල චීන හමුදා විසින් පවත්වනු ලැබූ මහා පරිමාණ යුධ අභ්‍යාස මගින් , කලාපය පදනම් කරගත් ජපන් සහ එක්සත් ජනපද හමුදා ඉලක්ක කර ගැනීම සඳහා Beijing සතුව පවතින යුධමය හැකියාව මෙන්ම කලාපය තුළ අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නැංවීම පෙන්නුම් කර ඇති බව හමුදා විශේෂඥයන් පසුගියදා පෙන්වා දී තිබේ. 

 

ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයට චීනය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළත් වූ මෙම අභ්‍යාස මාලාව හේතුවෙන් ජපානයේ Okinawa ආවරණය කරන දම්වැලක් වැනි වූ Nansei දූපත් වල ආරක්ෂාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙන්ම තායිවානය සම්බන්ධයෙන් විශාල මිලිටරි ගැටුමක් වැලැක්වීමේ අවශ්‍යතාවය ඉස්මතු කර ඇත . 

 

තායිවානයේ සිට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි Okinawa ප්‍රාන්තයේ Yonaguni දූපත, දිවයින හුදකලා කිරීමේ අරමුණින් චීනය විසින් සිදු කරනු ලබන ඕනෑම  "තායිවාන අගුලු දැමීමේ" මෙහෙයුමකින් ආවරණය විය හැකි බව සඳහන් කරමින්, People's Liberation Army Rocket Force ඉංන්ජිනේරු විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු වල නිරත වූ මිලිටරි විචාරකයෙකු වන Song Zhongping කියා සිටියේ "ජපානය සහ එක්සත් ජනපදය විසින් හරස් අතට මැදිහත් වීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව චිනය විසින් අනතුරු ඇඟවා ඇති බවයි" .

 

103 Views

Comments