ලංකාව ආයෝජකයෙක් සොයයි


ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා නිවේදනය කර සිටියේ ...

.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා නිවේදනය කර සිටියේ ගාල්ල නගරයෙන් ආයෝජන අවස්ථාවකට ආයෝජකයන්ට අවස්ථාව හිමිව ඇති බවයි.

ගාලු නගරය ආසියාවේ සංචාරක මරමස්ථාන බවට පත් කිරීමේ ශ්‍රී ලංකා රජයේ උත්සාහය ආසන කර ගැනීම සඳහා ඓතිහාසික ගාලු කොටුව ඇතුළු සමස්ත ගාල්ල නගරය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වන සමුළුවක් පසුගිය ජනවාරි 26 වන දා කොළඹදී පැවැත්විණි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද ආයෝජන අවස්ථා මගින් මීට සම්බන්ධ විය හැකි අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

Comments