ශ්‍රම හිඟයට මුහුණ දීමේ අරමුණින් නිර්මාණය කරන ලද නව රොබෝ යන්ත්‍රය අත්හදා බැලේ


ශ්‍රම හිඟයට පිළියමක් ලෙස නිර්මාණය කළ රොබෝ යන්ත්‍රය අත්හදා බැලේ

.

දොරට තට්ටු කර, එය විවෘත වූ පසු බීම පිරිනැමීමේ කටයුතු වල නිරත විය හැකි වන පරිදි නිර්මාණය කරන ලද Nyokkey ලෙස නම් කර ඇති ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයේ පර්යේෂණාත්මක අත්හදා බැලීමේ කටයූතු පසුගිය අගෝස්තු 8 වන දින සමාගමේ Akashi Works හි පැවති අතර Kawasaki Heavy Industries Ltd විසින් රොබෝවරයා වැඩිදියුණු කිරීම සිදු කරන ලදී. 

 

තාක්ෂණික ක්‍රියාපිළිවෙතේ මූලික අදියරේදී තමන් දන්නා දොරවල් පමණක් මෙම රොබෝවරයාට විවෘත කළ හැකි වන නමුත් ප්‍රථම වතාවට ඔහුට පෙනෙන සෑම දොරක්ම විවෘත කිරීමට හැකි වන පරිදි රොබෝවරයාගේ තාක්ෂණය වැඩිදියුණු කරවීම සමාගමේ අරමුණ ලෙස දක්වා තිබේ. 

 

Nyokkey ගේ සිරුර රෝද හතරේ කරත්තයකට සවි කර ඇති අතර කඳ කොටසේ උස මීටර් 1.5 , බර කිලෝග්‍රෑම් 75 සහ  බෙල්ලේ උස මීටර් 1.9  පමණ වේ. රොබෝවරයා විසින් මිනිසුන්ගේ භාවිතය සඳහා කෘතිම වස්තූන් හැසිරවීම සිදු කරන බැවින්, මිනිසුන්ට තරමක් සමාන වන අයුරින් එක්‌ අතක ඇඟිලි තුනක් වන පරිදි අත් දෙකක් සහිතව ඔහුව නිර්මාණය කර ඇත. 

 

මෙහි ආදර්ශන අත්හදා බැලීමේදී, Nyokkey විසින් මතක තබා ගත් සිතියම පදනම් කරගනිමින් පිළිගැනීමේ කාමර ඉදිරිපිටට ගොස් තම හිසෙහි සහ අත්වල පිහිටි සංවේදක භාවිතයෙන් දොරකඩේ පිහිටීම හඳුනා ගත් අතර තම දකුණු අතෙන් දොර තුඩ අල්ලාගෙන වම් අතෙන් තට්ටු කර, පසුව තරමක් විවෘත වූ අවකාශයට ඉදිරියට ගොස් දොර පුළුල් ලෙස විවෘත කළේය. පසුව බීම බන්දේසිය තම කරත්තය මත තැබීමෙන් පසු කාමරයට ඇතුළු වූ රොබෝවරයා "මෙන්න බීම" යැයි පැවසූ අතර පිළිගැන්වීම සාර්ථකව සිදු කළේය.

81 Views

Comments