ඉන්දියාවේ නවදිල්ලි අගනුවරෙන් පිටත නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද උස් මහල් ගොඩනැගිලි දෙකක් මහා පරිමාණ පිපිරීම්වලින් විනාශ වී තිබේ.
මීටර් 100ක් පමණ උසැති මෙම ද්විත්ව කුළුණු ඉරිදා තත්පර 10කට අඩු කාලයකදී කඩා වැටුනේ පිපිරීමෙන් විශාල දූවිලි ප්‍රමාණයක් පැතිර ගෑමට සලස්වමිනි.
ජනාකීර්ණ ප්‍රදේශයක මෙම ගොඩනැගිලි ඉදිවෙමින් පැවතුන නමුත් ඔවුන් ගොඩනැගිලි සහ ගිනි ආරක්ෂණ රෙගුලාසි සපුරා නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීන්දු කළේය.
ව්‍යුහයන් සමතලා කිරීම සඳහා කම්කරුවන් පුපුරණ ද්‍රව්‍යය ටොන් 3.5 කට වඩා භාවිතා කර ඇත . බලධාරීන් අවට පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දන්වා පූර්ව දැනුම් දැනුම්දීමක් සිදු කළ තිබූ අතර කාර්ය මණ්ඩලය අසල ඇති ගොඩනැගිලි වලට හානි නොවන පරිදි ආරක්ෂිත තහඩු වලින් ආවරණය කර මෙම ක්රියාවේ නිරත විණි.
සැලසුම් කළ පරිදි කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය බලධාරීන් පසුව කඩා ඉවත් කරන ස්ථානය අසල පිරිසිදු කිරීමේ ප්රයත්නයන්ගේ දර්ශන සමාජ මාධ්‍යවල පළ කර ඇති අතර එමඟින් කම්කරුවන් මාර්ග සහ ගස් මත ජලය ඉසින අයුරු පෙන්නුම් කරයි.
කාර්ය මණ්ඩලය 700 ක්, ජල ටැංකි 100 ක් සහ අනෙකුත් උපාංග සියල්ලම අසල්වැසි පිරිසිදු කිරීම සඳහා සක්‍රියව ක්‍රියා කරන බව ඒ පිළිබඳව සමාජ මාධ්‍ය වල පළවූ පුවත් වලින් තහවුරු වේ පවසයි.
නීතිවිරෝධී ඉදිකිරීම් බහුලව සිදු වුවද ඉන්දියාවේ මෙවැනි කඩා ඉවත් කිරීම් දුර්ලභ බව මාධ්‍ය වාර්තා පවසයි.