92 හැවිරිදි කාන්තාවක් ගෙල සිරකර මරා දමයි.


මරා දැමුණු කාන්තාවකගේ සිරුරක් tokyo නිවසකින් හමුවෙයි

.

සඳුදා ටෝකියෝ හි නිවසක තිබී 92 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඇගේ 59 හැවිරිදි පුත්‍රයා කෝමා තත්වයට පත්ව ඇත. පුතා ඇඳේ සිටි මව ඝාතනය කර පසුව සියදිවි හානිකර ගැනීමට තැත් කළ ඇති බවට පොලිසිය සැක පළ කර ඇත.

 

සඳුදා පෙරවරු 10.10 ට පමණ එම නිවසට ප්‍රතිකාර සඳහා පැමිණි වෛද්‍යවරයා දොරෙහි තිබූ සටහන දැකීමෙන් පසුව පළමු මහලේ කාමරයක ඇඳ මත වැතිර සිටින ෆුසාකෝ මාහාරා නම් කාන්තාවගේ සිරුරු සොයගෙන පොලිසියට කතා කර ඇත. පොලිසිය පවසා ඇත්තේ ඇයව ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

 

මීහරාගේ පුතා සිහිසුන්ව වෙනත් කාමරයක සිට හමුවූ අතර ඔහුව රෝහලට ගෙන ගොස් ඇත. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු නිදිපෙති අධික ලෙස පානය කර ඇති බවයි. පොලිසිය පවසා ඇත්තේ පුතා තම මවගේ ප්‍රධාන භාරකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු තම මව රැකබලා ගැනීමෙන් වෙහෙසට පත්වීම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

82 Views

Comments