Osaka හි රාත්‍රී අහස ආලෝකමත් කළ යෝධ ගිනිකෙළි සංදර්ශනය


වසංගතයෙන් පසු ඔසාකා හි ආලෝක උත්සවය ආරම්භ විය

.

වසර තුනකට පසු පළමු වරට පසුගිය අගෝස්තු 27 වන දින Osaka නගරයේ රාත්‍රී අහස එකවර ආලෝකමත් කරමින් වාර්ෂික Naniwa Yodogawa ගිනිකෙළි උත්සවයේ සමාරම්භය 34 වන වරටත් සනිටුහන් කළ අතර Yodo නදියේ Shin-Juso-Ohashi පාලම සහ JR Kobe Line පාලම අතර පිහිටි පැතලි පතුලක් සහිත Barge මතුපිට සිට ගිනිකෙළි දැල්වීම සිදු කෙරිණි .

 

වර්ෂ 1989 දී ආරම්භ කරන ලද මෙම උත්සවය, COVID-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළදී අවලංගු කළ නමුත් නිවැසියන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත සංවිධායක කමිටුවේ මහත් පරිශ්‍රමය හමුවේ උත්සවය යළිත් වරක් මේ වසරේදී පැවැත්විණි.

 

දීප්තිමත් අර්ධ වෘත්තාකාර පිහිටුම් වල සිට වර්ණවත් ගිනි පෙති විහිදුවන ජල මතුපිට ගිනිකෙළි ද මෙහිදී දැකිය හැකි වූ අතර වාර්ෂිකව මෙම අවස්ථාව නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 600,000 ක් පමණ ආකර්ෂණය වන බව පැවැසේ. 

 

එකින් එක දියත් කරන ලද ගිනිකෙළි වලින් අලංකාර කරන ලද උත්සවය පැයක පමණ කාලයක් අඛණ්‌ඩව ක්‍රියාත්මක වූ අතර සංදර්ශනය අතරතුරදී ප්‍රීතියෙන් කෑ ගැසූ ප්‍රේක්ෂකයින්ගේ නාදය භූමිය පුරාවටම පැතිර යන්නට විය.

74 Views

Comments