ආබාධිත පදිංචිකරුවාගේ අපයෝජනය වසන් කිරීමට උත්සාහ කළ රැකවරණ නිවාසය


තෝකියෝ නුවර ආබාධිත නිවාසයක රැඳවියකු අපයෝජනය කිරීමක් වාර්තා වේ

.

ආරක්ෂක කැමරා දර්ශන සහ අභ්‍යන්තර ලේඛන මගින් තහවුරු කර ගන්නා ලද සාක්ෂි තිබියදීත්, Tokyo නගරය අසල පිහිටා ඇති මානසික ආබාධිතයන් සඳහා වූ රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන Nakai Yamayuri En හි රැදී සිටි පදිංචිකරුවෙකුට හට පසුගිය වසරේ එල්ල වූ ප්‍රහාර මාලාව ඇතුළත් අපයෝජනය එහි භාරකාර පාලක මණ්ඩලය විසින් වසන් කිරීමට උත්සාහ කර ඇති නමුත් මේ වනවිට ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ප්‍රාන්ත රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

අදාළ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් පිරිමි පදිංචිකරු පිළිබඳව ඔවුන්ගේ දෛනික තොරතුරු සටහන් කරන ලොග් පොතෙහි අසත්‍ය දත්ත වාර්තා කර ඇති අතර, ඔහුට පහර දුන් බව පෙන්වන දර්ශන නොතකා "ඔහුව බලහත්කාරයෙන් තල්ලු කරන ලදී" යන්න එහි වැඩිදුරටත් දක්වා ඇති බව පැවැසේ . 

 

2021 සැප්තැම්බර් මාසයේදී පටිගත කරන ලද මෙම වීඩියෝ දර්ශන දෙකෙන් හෙළි වූයේ මෙම 40 හැවිරිදි පදිංචිකරුට පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් වෙන වෙනම දින දෙකක පහර දී ඇති බවයි. නමුත් නේවාසිකාගාරයේ ප්‍රධානියා සහ එම ස්ථානයේ සිටි අංශ ප්‍රධානියා මෙම දර්ශන දැක තිබුණද නගර රජයට හෝ පුද්ගලයාගේ පවුලේ අයට වාර්තා කිරීමට පියවර ගෙන නොමැත. 

 

"රළු ලෙස හැසිරවීම හේතුවෙන් නිවැසියෙකුට තැලීම් ඇති බවට අංශ ප්‍රධානියා තමාට වාර්තා කළ බවත් එය පහර දීමකින් ඇතිවූ බවක් තමා නොසිතූ බවත්" මෙහිදී අදහස් දක්‌වමින් අධ්‍යක්ෂ Hiroshi Kanno කියා සිටි අතර "මම පසුදින තැලීම් පරීක්ෂා කළෙමි. නමුත් කැමරා දර්ශන මා දුටුවේ නැත " යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Comments