වියට්නාමයේ සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල අගහිඟකම් වලින් පෙළෙන අසරණ මිනිසුන් බොහෝ දෙනෙකුට අක්ෂි ප්‍රතිකාර ලබා දීම මගින් ඔවුන්ගේ පෙනීම නැවත ලබා ගැනීමට උපකාර කළ බවට පැවසෙන ජපානයේ අක්ෂි වෛද්‍යවරයෙකු වන Tadashi Hattori, "පුද්ගලයෙකු සහ වෘත්තිකයෙකු ලෙස අසාමාන්‍ය ත්‍යාගශීලීභාවය" සහ "දස දහස් ගණනකට පෙනීමේ ත්‍යාගය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දක්ෂතාවය සහ දයානුකම්පාව" යන මානුෂීය කටයුතු හේතුවෙන් 2022 වසරේ Ramon Magsaysay සම්මාන ලාභීන් හතර දෙනා අතරට තේරී පත්වූ බව Ramon Magsaysay Award Foundation පසුගියදා නිවේදනය කළේය .
58 හැවිරිදි වෛද්‍යවරයා "ලෝකය තුළ කරුණාව සමෘද්ධිමත් වීමට උපකාර කිරීමේදී එක් පුද්ගලයෙකුට වුවද වෙනසක් කළ හැකි" බවට ලෝකවාසී ජනතාව වෙත පෙන්වා දී ඇති අතර "මෙවර Magsaysay සම්මානලාභීන්ගේ ලැයිස්තුව මගින්, සියලු දෙනාම වෙන්වීමට හේතු වන අදෘශ්‍යමාන සමාජ රේඛා අභියෝගයට ලක් කර ඇති අතර සම්බන්ධතා ගොඩනඟා ගන්නා නව්‍ය හා ප්‍රබෝධමත් ඒවා තෝරා ඇත" යනුවෙන් පදනමේ සභාපති Aurelio Montinola III ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර ඇතුළත් මාර්ගගත නිවේදනය අතරතුරදී පැවසීය.
වර්ෂ 1964 දී Osaka හි උපත ලැබූ Hattori ජපානයේ 27 වැනි Magsaysay සම්මානලාභියා ලෙස සැලකෙන අතර වියට්නාමයේ ඇසේ සුද අන්ධභාවය ඉතා බහුල වුවද අක්ෂි විශේෂඥයින් සහ ප්‍රතිකාර පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔහු වරෙක "ගැඹුරු ලෙස සංවේගයට පත් වූ" බව පදනම මෙහිදී අතීතාවර්ජනය කළේය. මෙනිසා වර්ෂ 2002 සිට ජපානය සහ වියට්නාමය අතර නොමිලේ අක්ෂි ප්‍රතිකාර මෙන්ම සැත්කම් කිරීමටත් වියට්නාම වෛද්‍යවරුන් පුහුණු කිරීමට සහ රෝහල්වලට උපකරණ පරිත්‍යාග කිරීමත් ඔහු සිය ඉතිරිකිරීම් භාවිතා කර ඇත.
"එක ඇසක් සුව කළ පමණින් කෙනෙකුට පාසලකට යාමට හෝ නැවත රැකියාවට යාමට හැකි වේ. ප්‍රතිකාර ගන්න සල්ලි නැති නිසා ඇස් පෙනීම නැති වෙන්න ආසන්නව ඉන්න මිනිස්සුන්ට පිටුපාන්න මට බැහැ. වෛද්‍යවරයෙක් විදියට මගේ ආරම්භක ස්ථානය මිනිසුන්ට පිහිට වීමයි" යන්න ඔහු නිතරම පැවසූ වදනක් බව මෙහිදී පදනම වැඩිදුරටත් කියා සිටියේය .