මිහායිල් ගොර්බචෙව් මියයයි


මිහායිල් ගොර්බචෙව් මියයයි

.

සීතල යුද්ධය අවසන් කිරීමට උදව් කළ අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ මරණය රුසියානු පුවත් ඒජන්සි විසින් වාර්තා කරයි. මිය යන විට ඔහුට වයස අවුරුදු 91 කි.

 

1931 දී දකුණු රුසියාවේ උපත ලද ගොර්බචෙව්, වයස අවුරුදු 54 දී 1985 දී පක්ෂ මහලේකම් ලෙස එහි ඉහළතම ස්ථානයට පැමිණීමට පෙර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන තනතුරු ගණනාවක් බාරදෙන කටයුතු කර තිබිණි.

 

සෝවියට් නායකයා ලෙස, ගොර්බචෙව් "පෙරෙස්ත්‍රොයිකා" සහ "ග්ලාස්නොස්ට්" යනුවෙන් හැඳින්වෙන දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා සමාජවාදී රට විවෘත කිරීමට උත්සාහ කළේය.

 

ඔහු බටහිර සමඟ ආතතීන් ලිහිල් කිරීමට උත්සාහ කළේය, නැගෙනහිර යුරෝපීය ජාතීන් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම, ජර්මනියේ බර්ලින් තාප්පය බිඳ වැටීම සහ චීනය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම ආදී කටයුතු වල දී ද ක්‍රියාකාරී වී ඇත.

 

ගොර්බචෙව් එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික අවි අඩුකිරීම් ගැන ද සාකච්ඡා කළේය. වඩාත්ම සංකේතාත්මක මොහොත පැමිණියේ 1989 දෙසැම්බර් මාසයේදී ඔහු සහ එවකට එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් සීතල යුද්ධයේ අවසානය ප්‍රකාශ කිරීමත් සමඟය.

 

නැගෙනහිර-බටහිර ගැටුම අවසන් කිරීමේ ඔහුගේ කාර්යභාරය වෙනුවෙන් ගොර්බචෙව්ට ඊළඟ වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

 

.

113 Views

Comments