වඳුරන් පාලනය කිරීමට යොදාගන්නා එන්නතක් වැරදීමෙන් ශරීරගත වී කාන්තාවක් සිහිසුන් වෙයි


එන්නතක් වැරදී කාන්තාවක් සිහිසුන් වෙයි

.

පසුගිය කාලය පුරාවටම Shizuoka ප්‍රාන්තයේ Fuji නගරය තුළ දක්නට ලැබුණු වඳුරන් මර්දනය කිරීම සඳහා අගෝස්තු 29 වෙනි දින Fuji නාගරික රජයේ සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවෙකු එක්ව JR Fujikawa දුම්රිය ස්ථානය අසලදී වඳුරන් අල්ලා ගැනීම සඳහා tranquilizer තුවක්කුවක් සූදානම් කරමින් සිටියදී සවස 3 ට පමණ ඒ අසලට පැමිණි කාන්තාවකගේ වම් අතෙහි හයිපෝඩර්මික් ඉඳිකටු සහිත tranquilizer එන්නතක් අහම්බෙන් වැදී ඇති අතර අනතුරුව එම කාන්තාවගේ සිහිය තාවකාලිකව නැතිවී ගොස් තිබේ. 

 

ඔවුන් ජීවත් වන ප්‍රදේශය තුළ වඳුරෙකු දුටු බව නගර සේවකයන්ට දැනුම් දීම සඳහා ඇය එම ස්ථානයට පැමිණ ඇති බවත් පැය දෙකකට පමණ පසුව ඇයගේ සිහිය යථා තත්ත්වයට පත්වූ බැවින් ඇයගේ ජීවිතයට අනතුරක් නොමැති බවත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් බලධාරීහු ප්‍රකාශ කළහ . 

 

Shizuoka ප්‍රාන්ත පොලිසිය සහ නාගරික ආන්ඩුව විසින් සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශන ආරම්භ කර ඇති අතර නගරයේ පරිසර සංරක්ෂණ අංශයට අනුව, වඳුරන් ඇල්ලීමේ මෙහෙයුම සඳහා රජයේ සේවකයින් තිදෙනෙකු සහ වනජීවී කළමනාකරණ කාර්යාලයේ (WMO) සේවකයෙකු අදාළ අනතුර සිදුවන විට එම ස්ථානයේ සිට ඇත.

 

මේ හේතුවෙන් නගරය විසින් මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ අතර හදිසි නිවේදනයක් නිකුත් කරමින් WMO කියා සිටියේ "අපගේ ආරක්‍ෂිත අධ්‍යාපනයේ සහ කළමනාකරණ පිළිවෙත්වල දෝෂයක් ඇති බවත්, සේවකයා නොසැලකිලිමත් වූ බවත් අපට ප්‍රතික්ෂේප කළ නොහැක. නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීමට අපි උත්සාහ කරමු" යනුවෙනි.

94 Views

Comments