ජපානයේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට හැරෙයි


ජපාන ආර්ථිකය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට හැරෙයි

.

ජපාන සමාගම්වල ඒකාබද්ධ බදු පෙර ලාභය කාර්තුමය වශයෙන් ඉහළ මට්ටමකට පැමිණ තිබේ. වසංගත ව්‍යාපාර සීමාවන් ඉවත් කිරීමත් සමඟ පුළුල් පරාසයක ක්ෂේත්‍රවල සමාගම් අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ ඔවුන්ගේ ඉපැයීම් ඉහළ ගොස් තිබේ.

 

ජපානයේ මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වූයේ එම කාලය සඳහා මුළු සාමාන්‍ය ලාභය යෙන් ට්‍රිලියන 28.3ක් හෙවත් ඩොලර් බිලියන 203ක් පමණ වූ බවයි.

 

මෙය සංසන්දනාත්මක දත්ත ලබා ගත හැකි වූ 1954 සිට ඉහළම කාර්තුමය අගයයි.

 

සමස්තය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17.6 කින් ඉහළ ගොස් ඇති අතර අඛණ්ඩව 6 වැනි කාර්තුව සඳහා ඉහළ යාමක් සනිටුහන් කළේය.

 

2021 මූල්‍ය වර්ෂයේ දී ඒකාබද්ධ ලාභය සියයට 33.5 කින් ඉහළ ගොස් වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බව සමීක්ෂණයෙන් හෙළි විය.

 

අභ්‍යන්තර සංචිත ද ඉහළ ගොස් ඇත. ඒවා නම් සමාගම් අභ්‍යන්තරයේ රඳවා තබා ගන්නා ඉපැයීම් ය. එම අගය සියයට 6.6කින් ඉහළ ගොස් යෙන් ට්‍රිලියන 516ක් හෙවත් ඩොලර් ට්‍රිලියන 3.7ක් දක්වා ඉහළ ගියේය.

 

සමීක්ෂණයට සමාගම් 22,000කට වඩා ප්‍රතිචාර දක්වා ඇත. නමුත් මූල්‍ය හා රක්ෂණ අංශයේ සමාගම් ප්‍රතිඵලවලට ඇතුළත් නොවන බව  ආරංචි මාර්ග පවසයි.

97 Views

Comments