Tokyo මින්මැදුරේදී King Penguin පරපුරේ තවත් පුරුකක් මෙලොව එළිය දකී


King penguin ප්‍රභේදයේ සත්ත්වයන් ටෝකියෝ මින් මැදුර කදී උපත ලබයි

.

ජපාන අගනුවර Edogawa Ward හි පිහිටා ඇති Tokyo Sea Life උද්‍යානයේදී පසුගියදා King Penguin වර්ගයට අයත් මාපිය යුගලකට දාව නව පැටවෙකු මෙලොව එළිය දුටු අතර  පැටවා පිරිමි ද ගැහැණු ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ .

 

අලුත් පැටවාත් සමඟින් සත්වෝද්‍යානයේ සිටින මුළු penguin සංඛ්‍යාව 10 ක් දක්වා වර්ධනය වී ඇති අතර අළු දුඹුරු පිහාටු සහිත අලුත උපන් පැටවා පසුගිය ජුනි 20 වැනි දින පටන් 14 හැවිරිදි Urara නම් මව් පෙන්ගුවින් හා 10 හැවිරිදි Ume නම් පිය පෙන්ගුවින් විසින් මාරුවෙන් මාරුවට උණුසුම් කරන ලද බිත්තරයෙන් පසුගිය අගෝස්‌තු 13 දින උපත ලැබීය. 

 

මින්මැදුරට අනුව Urara සහ Ume විසින් තම අලුත උපන් පැටවාට අඩක් දිරවන ලද පටි සහිත නිල් හාල්මැස්සන් සහ විල් වල දක්නට ලැබෙන Smelt නම් කුඩා මත්ස්‍ය විශේෂය ආහාර සදහා ලබා දී ඇති අතර පැටවාගේ වර්ධනය ක්‍රමානුකූලව සිදුවන්නේ නම්, එළැඹෙන සරත් සෘතුවේ සිට පැටවා මහජන ප්‍රදර්ශනයට තැබීමට නිලධාරීන් සැලසුම් කර තිබේ .

 

මේ සඳහා නිශ්චිත දිනයක් තවමත් සදහන් කර නොමැති නමුත් නුදුරේදීම එය නිල Tokyo Zoonet වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර මින්මැදුර තුළ දිවිගෙවන King Penguin සාමාජිකයෝ  මැයි මැද සිට ඔක්තෝබර් මැද දක්වා වූ සම්පුර්ණ කාලයම සිසිල් කාමර තුළ හිතකර උෂ්ණත්ව යටතේ ගත කරනු ලබයි.

91 Views

Comments