රටේ පළමු අධිවේගී දුම්රිය මැදිරිය චීනයේ සිට ඉන්දුනීසියාවට ළඟා වෙයි


ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රියසේවාව ආරම්භ වේ

.

ඉතිහාසයේ පළමු වරට ඉන්දුනීසියාව තුළ අධිවේගී දුම්රියක් දියත් කිරීමේ අරමුණින් සිදු කරන ලද ඇණවුමක් අනුව චීනයේ නිෂ්පාදනය කරන ලද දුම්රිය මැදිරි කට්ටලයක් පසුගිය සිකුරාදා එරට අගනුවර පිහිටි Jakarta වරාය වෙත ළගා වී තිබේ. 

 

ඩොලර් බිලියන 5.5 ක් වටිනා කිලෝමීටර් 142.3 දිගු දුම්රිය මාර්ගය PT Kereta Cepat Indonesia-China විසින් ඉදිකරනු ලබන අතර මෙය ඉන්දුනීසියානු රාජ්‍ය සමාගම් හතරක් ඒකාබද්ධ කිරීම මගින් පිහිටුවන ලද සමාගමක් සහ China Railway International Co. Ltd. අතර හවුල් ව්‍යාපාරයක් ලෙස සැලකේ. මෙලෙස ඉදිවන මාර්ගයේ ධාවනය වන දුම්රිය අග්නිදිග ආසියාවේ වේගවත්ම දුම්රිය වනු ඇති බවට පැවැසේ. 

 

මේ හරහා බටහිර Java පළාතේ Jakarta නගරය සහ Bandung නගරය එකිනෙක සම්බන්ධ කෙරෙන අතර දැනට නගර දෙක අතර පවතින ගමන් කාලය  පැය තුනේ සිට විනාඩි 40 දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ. 

 

සිකුරාදා දින ඉන්දුනීසියාව වෙත ළගා වූ දුම්රිය මැදිරි අට සහ පරීක්ෂණ දුම්රිය CRRC Qingdao Sifang Co. Ltd විසින් නිර්මාණය කර ඇති අතර "මෙවැනි අධිවේගී දුම්රිය මාලාවක් පැමිණීම ඉන්දුනීසියාවට හොඳ ආරංචියක් වන අතර ඔවුනට අනෙකුත් සංවර්ධිත රටවල් සමඟ තරඟ කළ හැකි බව එමඟින් පෙන්නුම් කරනු ලබයි " යනුවෙන් රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය Kartika Wijoatmojo මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේය.

Comments