හිනම්නෝර් සුළි කුණාටුව සකිෂිමා දූපත් වෙත ළඟා වෙයි.


Hinnamnor සුළි කුණාටු තව තවත් ජපානයේ ප්‍රාන්ත වලට බලපෑම් එල්ල කරයි

.

හින්නම්නෝර් සුළි කුණාටුව ඔකිනාවා ප්‍රාන්තයට දකුණින් ජලය හරහා උතුරට ගමන් කරමින් තිබෙන අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ ප්‍රබල සුළි කුණාටුව සෙනසුරාදා දහවල් වන විට ඔකිනාවා හි ඉෂිගාකි දූපතට කිලෝමීටර් 130 ක් දකුණු-ගිණිකොණ දෙසින් පිහිටි ජලය හරහා උතුරට සෙමින් ගමන් කර ඇති බවයි.

 

සුළි කුණාටුව සෙනසුරාදා රාත්‍රියෙහි ඉෂිගාකි සහ මියාකෝ දූපත් ඇතුළු ඔකිනාවා හි සකිෂිමා දූපත් වලට ඉතා ආසන්නව පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. කාලගුණ බලධාරීන් කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර සෙනසුරාදා සවස සිට නිවාස විනාශ කිරීමට තරම් ප්‍රචණ්ඩ සුළං දිවයින හරහා හමා යනු ඇතැයි බලාපොරොත්තු වේ.

 

සකිෂිමා දූපත් අවට මීටර් 10 ක් පමණ උස රළ සහ ඔකිනාවා ප්‍රධාන දූපත් කලාපයේ මීටර් 9 ක් පමණ උස රළ සහිත මුහුදු ප්‍රදේශ ද ඉතා රළු වනු ඇත. සුළි කුණාටුව සෙමින් ගමන් කරන බැවින් කුණාටු සහිත තත්ත්වයන් පැය ගණනාවක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. තද සුළං සහ තද රළ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Comments