අන්තර්ජාල අපරාධ සම්බන්ධව නව පොලිස් කාර්‍යංශයක්


ජපානයේ සිදුවෙන අධික අන්තර්ජාල  අපරාධ පිළිබඳ ගවේෂණය කිරීම

.

ජපානයේ සිදුවෙන අධික අන්තර්ජාල  අපරාධ පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ජපන් රජය විසින්  ජාතික පොලිස් අධිකාරිය යටතේ නව පොලිස් කාර්යාංශයක් පිහිටුවීමට  පනතක් අනුමත කර ඇත.

 

 

කොරෝනා වසංගතය  හේතුවෙන් පුද්ගලයන්ගේ අන්තර්ජාල භාවිතය පෙරට වඩා ඉහළ ගිය  අතර ඊට සමගාමීව සිදුවන  අන්තර්ජාල අපරාධ සංඛ්‍යාව ද  මින් පෙර තිබූ අගයට වඩා 20% ක ප්‍රතිශතයකින් පමණ ඉහළ ගොස් ඇති බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙතෙක් මෙම අන්තර්ජාල අපරාධ  කාර්යාංශ කිහිපයක් යටතේ සොයා බැලුනු අතර ඒ වඩාත් ක්‍රමවත්ව සිදු කිරීම සඳහා මෙලෙස නව පනතක් අනුමත කරමින් ඒ සඳහාම කැපවුනු  නව පොලිස් කාර්යාංශයකට මෙම කටයුතු  භාරදීමට ජපාන කැබිනෙට්ටුව තීරණය කර ඇත.

 

තවද ජපානයට චීනය , රුසියාව සහ උතුරු කොරියාව වැනි රටවලින්  රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන  සයිබර් ප්‍රහාරද වළක්වා ගැනීම මෙහි අරමුණයි.

Comments