ජපාන මුහුදේ Kanazawa City කලාපය ආසන්නයෙන් හමා ගිය Hinnamnor සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අඟහරුවාදා වාර්තාගත උණුසුමක් ඇති වී ඇත. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ සුළි කුණාටුවෙන් උණුසුම් හා තෙතමනය සහිත වාතය වෙරළබඩ කලාපය ගිලගත් බවයි. නිළධාරීන් පවසා සිටියේ කඳුකරයට ඉහළින් හමා එන දකුණු දිග ප්රවාහයන් උණුසුම් හා වියලි සුළං බවට පත් වී ඇති බවයි.
වෙරළබඩ Hokuriku කලාපයේ සහ Niigata ප්‍රාන්තයේ බදාදා දිනයේ දිවා කාලයේ ඉහල අගයන් අඩු වනු ඇතැයි අපේක්ෂා කර ඇති නමුත් බටහිර ජපානයේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශ මෙන්ම නැගෙනහිර ජපානයේ පැසිෆික් වෙරළබඩ ප්‍රදේශවල ද දැඩි උණුසුමක් අපේක්ෂා කර ඇත. උෂ්ණාධික තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී වැඩිපුර ජලය භාවිතා කරන ලෙසත් වායු සමීකරණ භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත.