මේ මස අගදී ටෝකියෝ නුවර පැවැත්වෙන හිටපු ජපාන අගමැති අබේ ෂින්සෝගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වන බව එක්සත් ජනපදය නිවේදනය කර ඇත. ධවල මන්දිරය බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හැරිස් සැප්තැම්බර් 25 සිට 29 දක්වා ජපානයේ සහ දකුණු කොරියාවේ සංචාරය කරන බවයි.
ඇය සැප්තැම්බර් 27 වන දින අබේගේ අවමංගල්‍යයට එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ ඔහුගේ පරිපාලනය වෙනුවෙන් සහභාගී වනු ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඇය උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හැරිස්ගේ පළමු ජපාන සංචාරය මෙය වේ.
ඔවුන්ගේ සන්ධානවල ශක්තිය, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා කැපවීම සහ හවුල් ආර්ථික හා ආරක්ෂක අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ඇය ටෝකියෝ සහ සෝල් යන දෙඅංශයේම ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.