2021 වර්ෂයේ මවක් තම එක් හැවිරිදි දියණිය මෝටර් රථ තුල අපරික්ෂාකාරී ලෙස තබා යාමෙන් එම දැරිවියගේ මරණය සිදුවීම සම්බන්ධව Yachiyo, Chiba ප්‍රාන්තයේ නඩු පවරන්නන් විසින් එම මවට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
Yurina Okoshi නම් 26 හැවිරිදි අවන්හලක සේවය කරන මෙම කාන්තාව සිදුවීම සිදුවූ දින උදැසන 7ට පමණ මරණයට ලක් වූ දියනිය සහ ඇයගේ තුන් හැවිරිදි දියණිය ව තම යහළුවෙකුගේ නිවසෙන් ලබා ගැනීමට එහි ගොස් නැවත ඔවුන් නැවතී සිටින නිවාස සංකීර්ණයට පැමිණ ඇත.එහිදී ඇය තුන් හැවිරිදි දියණිය පමණක් නිවස තුළට රැගෙන ගොස් ඇති අතර Mion නම් වූ එක් හැවිරිදි දියණිය මෝටර් රථයේ පසුපස අසුනේ නිදාගෙන සිටීම හේතුවෙන් ඇයව එහි තුළ දමා ගොස් ඇත. මිනිත්තු 30කට පමණ පසුව ඇය නැවත පැමිණ එම දියණිය රැගෙන යාමට සැරසීමේදී ඇය සිහිසුන්ව සිටින බව දැන හදිසි දැනුම් දීම් අංශයට අමතා තිබිණි.
කෙසේ නමුත් එම දියණිය රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබූ අතර ඇය අධික රස්නය නිසා ඇතිවූ අපහසුතාව හේතුවෙන් මියගොස් ඇති බව සනාථ කර ඇත .
පසුගිය බදාදා මෙම නඩුව විභාග කිරීමට ආරම්භ කර නඩු පවරන්නන් විසින් එය තවදුරටත් ඉදිරියට රැගෙන නොයාමට තීරණය කර තිබිණි.