පිට පිටම 2 වන වසරේදීත් ජපානයේ syphilis රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට


ජපානයෙන් වාර්තා වන syphilis රෝගීන් සංඛ්‍යාව දිගින් දිගටම වර්ධනය වේ

.

2022 වසරේදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ syphilis රෝගීන්ගේ සංඛ්‍යාව සැප්තැම්බර් 4 දිනය වනවිට 8155 ක් ලෙස සටහන්ව තිබූ අතර එය අදාළ දත්ත ගණනය හා වාර්තා තැබීම ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම අගය බව මූලික සංඛ්‍යාලේඛන පසුගියදා පෙන්වා දී තිබේ. 

 

මෙම අගය 2021 වසරේ මුල් සංඛ්‍යාලේඛනවල දක්වා තිබූ රෝගීන් 7875 සිමාව ඉක්මවා ගොස් ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසර අවසන් වන විට වෛරසය ආසාදනය වී සිටින සමස්ත රෝගීන් සංඛ්‍යාව 10,000 සිමාව ඉක්‌මවා යා හැකි බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අනතුරු අඟවා තිබේ. කිසියම් පුද්ගලයකු හට Syphilis ආසාදනය වූ විට රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කිරීමකින් තොරව වැඩි දෙනෙකුට රෝගය පැතිරීම හරහා බරපතල සංකූලතා ඇති වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇත.

 

Kobe විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන රෝග පිළිබඳ ජපන් සංගමයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන Katsumi Shigemura මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ "ඔබ ලිංගික ප්‍රදේශයේ රතු පැහැය හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පිළිබඳව ඔබ සැලකිලිමත් වන්නේ නම්, කරුණාකර වෛද්‍ය ආයතනයකට යන්න. ප්‍රතිකාර ලබමින් සිටින අයට තම වෛද්‍යවරයා හමුවී තමන් සුව වී ඇති බව තහවුරු කර ගැනීමත්, ප්‍රතිකාර අතරමගදී ඖෂධ ගැනීම නැවැත්වීම වළක්වා ගැනීමත් ඉතා වැදගත් වේ" යනුවෙනි.

108 Views

Comments