ජපාන අධිරාජයා රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවේ


ජපාන අධිරාජයා රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට නියමිතයි

.

නරුහිතෝ අධිරාජ්‍යයා එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත බව ජපාන මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේය.

 

2019 දී ඔහු සිය පියාගේ ඉල්ලා අස්වීමෙන් පසු Chrysanthemum සිංහාසනයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වනු ඇත.

 

නරුහිතෝ අධිරාජ්‍යයා ලෙස පත්වීමෙන්  පසු ඔහුගේ පළමු විදෙස් සංචාරය ලෙස 2020 දී බ්‍රිතාන්‍යයට යාමට නියමිතව තිබූ නමුත් වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී.

 

සෞඛ්‍යය තත්වය සුවදායක නම්   මසකෝ අධිරාජිනියද ඊට සහභාගී වනු ඇති බව වාර්තා වේ.

Comments