නවසීලන්තයේ බෝට්ටුවක් තල්මසකු හා ගැටීමෙන් පුද්ගලයන්  පස් දෙනකු ජීවිතක්ෂයට


නවසීලන්තයේ බෝට්ටු අනතුරකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

.

නවසීලන්තයේ පුද්ගලයින් 5 දෙනෙකු තල්මසෙකු සමඟ ගැටීමෙන් ඔවුන් ගමන් කළ කුඩා බෝට්ටුව පෙරලීමෙන් සෙනසුරාදා මිය ගිය බව බලධාරීහු පවසති. බෝට්ටුවේ සිටි තවත් හය දෙනෙකු බේරාගෙන ඇත.

 

පොලීසිය පැවසුවේ, දකුණු දූපතේ කයිකුරා නගරය ආසන්නයේදී මීටර් 8.5ක් පමණ දිග බෝට්ටුව පෙරළී ඇති බව ය. අනතුරට හේතුව පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

 

"මෙය ඛේදජනක සිදුවීමක් වී ඇති අතර, මෙම ඉතා දුෂ්කර අවස්ථාවේ පොලිසිය සම්බන්ධ වූවන්ට සහයෝගය ලබා දෙයි," යනුවෙන්  Kaikōura පොලිස් සැරයන් Matt Boyce එම ස්ථානයේ සිටි වාර්තාකරුවන්ට පවසා තිබේ .

 

Kaikōura නගරාධිපති Craig Mackle ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ජලය සන්සුන්ව පැවති නමුත්  බෝට්ටුවට යටින් තල්මසෙකු මතු වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි.

 

එම ප්‍රදේශය හරහා ගමන් කරන තල්මසුන්  සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

 

පොලිසිය   පැවසුවේ කලාපයේ  නිතර ගැවසෙන තල්මසුන් සංඛ්‍යාව අනුව බෝට්ටුවක් සහ තල්මසුන් එකිනෙක ගැටීමේ හැකියාව ගැන ඔවුන්  අතීතයේදීද සිතූ බවයි.

 

 

වැනේසා චැප්මන් නම් මෙම සිද්ධිය දුටු කාන්තාවක්  පැවසුවේ ඇය සහ මිතුරන් පිරිසක් කයිකුරා අසල ගූස් බේ සිට ගලවා ගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙන ආකාරය බලා සිටි බවයි. තමන් නිරීක්ෂණ ස්ථානයකට පැමිණි විට පෙරළුණු බෝට්ටුවක වාඩි වී සිටින පුද්ගලයෙකු තම දෑත් ඔසවමින් සිටිනු දුටු බව ඇය පැවසුවාය.

 

Comments