රෝහල්වලින් පිටත සිදුවූ වාර්තාගත COVID මරණ 869 ක් පසුගිය මාසය තුළදී තහවුරු වෙයි


රෝහල් වලින් පිටත කොරෝනා මරණ සිදුවීම වාර්තාගත ලෙස ඉහළ යයි

.

ජපානය පුරා පිහිටි වෛද්‍ය ආයතනවලින් පිටත භූමි ප්‍රදේශවල අගෝස්තු මාසය තුළදී පමණක්‌ COVID-19 වෛරසය ආසාදිතව මියගිය බවට තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස 869 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික පොලිස් ඒජන්සිය පසුගියදා කියා සිටියේය. 

 

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හෝ වෛද්‍ය පහසුකම්වලින් බැහැර ප්‍රදේශවල සිටීම වැනි වෙනත් හේතූන් නිසා මියගිය බවට තහවුරු වූ මළ සිරුරු සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, අගෝස්තු මාසයේදී සිදුවූ මරණ සංඛ්‍යාව පසුගිය ජූලි මාසයේ පැවැති 611 අගයේ සිට 869 දක්වා මෙලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ . 

 

ප්‍රාන්ත වශයෙන් ගත් කල Tokyo ප්‍රාන්තය මරණ 171 ක් වාර්තා කරමින් එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, මරණ 96 වාර්තා කළ Osaka ප්‍රාන්තයට දෙවන ස්‌ථානයද, මරණ 90 වාර්තා කළ Kanagawa ප්‍රාන්තයට එහි තෙවන ස්ථානයද හිමිව ඇති බව සඳහන් වේ . 

 

එමෙන්ම Saitama ප්‍රාන්තයෙන් මරණ 52 ක් සහ Chiba ප්‍රාන්තයෙන් මරණ 44 ක් වාර්තා වූ අතර සොයා ගත් ස්ථානයට අනුව, මරණ 807 ක් නිවෙස්වලින්, වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානවලින් සහ වෙනත් ඒ හා සමාන ස්ථානවලින් තහවුරු වී ඇති බව පැවැසේ. තවත් මරණ 62 ක් සංචාරක ස්ථාන වලින් වාර්තා වූ අතර වයස් කාණ්ඩය අනුව ගත් විට , 80 ගණන්වල වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් අතරින් මරණ 275 ක් ද, 70 ගණන්වල වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින් අතරින් මරණ 197 ක් ද, 90 ගණන්වල වයස් කාණ්ඩයට අයත් මරණ 155 ක් ද වාර්තා වී තිබේ .

86 Views

Comments