රුසියාවේ ව්‍යාපාර කරන ජපන් සමාගම්වලින් 20% කට වැඩි ප්‍රමාණයක් එරටින් ඉවත් කර ගැනීම් හෝ අත්හිටවා ඇති බව සමීක්ෂණයකින් පෙන්වා දී ඇත. ජපානයේ බාහිර වෙළඳ සංවිධානය විසින් අගෝස්තු මස සමීක්ෂණ 2ක් කර ඇති අතර සමාගම් 107ක් ඊට ප්‍රතිචාර දක්වා ඇත.
ඔවුන්ගෙන් සියයට හතරක් පවසා ඇත්තේ ඔවුන් පිටව ගොස් හෝ රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. සියයට 17 ක් හෝ 18ක් පවසා ඇත්තේ ඔවුන් තම මෙහෙයුම් මුළුමනින්ම අත්හිටුවා ඇති බවයි. රුසියාවෙන් ඉවත් වීමට ප්‍රධාන හේතු වී ඇත්තේ සැපයුම් බාධා කිරීම් හෝ ප්‍රමාද වීම බවයි සඳහන් වී ඇත්තේ.