පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාව විසින් තම රට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ආරක්ෂාව පතා යුක්රේනයේ සිට ජපානයට පලා ගිය වැසියන් වෙනුවෙන් දියත් කරන ලද මූල්‍ය ආධාර සැපයීමේ වැඩසටහන තවත් මාස හයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ජපානයේ ආගමන ඒජන්සිය බදාදා නිවේදනය කළේය.
මාස හයක් වූ වත්මන් සහාය කාලය එළැඹෙන සැප්තැම්බර් අග සිට අවසන් වීමට නියමිතව ඇති බැවින්, ඇපකරුවන් නොමැතිව ජපානයේ වෙසෙන යුක්රේනියානු වැසියන්ගේ සුබසිද්ධිය පතා ආගමන සේවා නියෝජිතායතනය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. ඒජන්සියට අනුව මේ වන විට පුද්ගලයින් 224 දෙනෙකු ආධාර ලැයිස්තුවේ සිටින අතර මෙම මස සඳුදා වන විට, ජපාන රජය විසින් යුක්රේනයෙන් ඉවත්ව පැමිණි වැසියන් 1878 දෙනෙකු පිළිගෙන තිබේ .
මෙම තත්ත්වය නිරවුල් වූ පසුව වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පුද්ගලයන් හට යෙන් 2,400 ක මුදලක්, පවුලක දෙවන සාමාජිකයාගේ සිට එක් පුද්ගලයෙකුට යෙන් 1,600 ක මුදලක්, වයස අවුරුදු 11 දක්වා දරුවෙකුට යෙන් 1,200 ක මුදලක් සහ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයන් සඳහා යෙන් 160,000 ක මුදලක් ගෙවීමට රජය විසින් සැළසුම් කර ඇති බව වාර්තා වේ .