නිරුවත් ඡායාරූප එවන ලෙසට පාසල් සිසුවියකට බල කළ පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනේ


තම නිරුවත් ඡායාරූප එවන ලෙස පාසල් ශිෂ්‍යාවකට බල කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගනී

.

ජපානයේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවියකට ඇයගේ නිරුවත් ඡායාරූප තමා වෙත එවන ලෙසට බල කළ බව කියන Wakayama ප්‍රාන්තයේ Hashimoto නගරයේ ජීවත් වන සහ Osaka ප්‍රාන්ත පොලිසියේ Nishinari පොලිස් ස්ථානයේ ප්‍රාදේශීය කොට්ඨාශයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරන 38 හැවිරිදි Takafumi Kido නම් පුද්ගලයෙකු ළමා කාමුක දර්ශන නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට Wakayama ප්‍රාන්ත පොලිසිය විසින් සැප්තැම්බර් 15 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

බලහත්කාරයෙන් ගනු ලැබූ නිරුවත් ඡායාරූප නව යොවුන් වියේ තරුණයා විසින් 2020 ඔක්. 1 වෙනිදා රාත්‍රී 11.55 ට පමණ තම ස්මාර්ට් ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇති අතර පසුගියදා අත්අඩංගුවට ගැනිමෙන් පසුව ඔහු විසින් එම චෝදනාව පිළිගෙන ඇති බව පැවැසේ. 

 

Wakayama ප්‍රාන්ත පොලිසියේ බාල වයස්කාර අංශයට අනුව, තවත් ළමා කාමුක දර්ශන සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකදී ඔහුගේ සම්බන්ධය අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ දිනයේදීම සැරයන්වරයා විසින් දැරියගේ එම ඡායාරූප තමා වෙත ගෙන්වා ගෙන තිබේ. 

 

අනතුරුව මසක පමණ කාලයක් ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම සම්බන්ධ වී ඇති බව පැවැසූ Osaka ප්‍රාන්ත පොලිසියේ විගණක කාර්යාලයේ ප්‍රධානී Shuji Tabata ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "අත්අඩංගුවට ගැනීම සැබවින්ම කණගාටුදායකය. විමර්ශනයේ ප්‍රතිඵල මත, අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර සම්පූර්ණ මග පෙන්වීමක් ලබා දෙන්නෙමු" යනුවෙනි.

86 Views

Comments