මහා බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිනට සමු දෙයි.


එලිසබත් රැජින ලොවෙන් සමුගනී

.

මිලියන සංඛ්‍යාත ජනතාවක් රටේ දීර්ඝතම කාලයක් රජකම් කළ එලිසබෙත් රැජිනට සමු දුන් අතර එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා ලොව පුරා ප්‍රභූවරුන් සහ නායකයින් ඓතිහාසික දේවස්ථානයකට රැස් වී සිටියහ. 

 

රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට නැවියන් 142 දෙනෙකුගෙන් සමන්විත තුවක්කු කරත්තයකින් රැගෙන යන ලදී . දේව මෙහෙය වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදු වූ අතර අවමංගල්‍යය  උත්සවය සඳහා 2000 කට අධික පිරිසක් පැමිණ සිටියහ. 

 

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් ඇතුළු ලෝක නායකයින් විශාල ගණනක් අවමංගල්‍ය කටයුතු සඳහා ලන්ඩනයට පැමිණ තිබුණි. ජපානය නියෝජනය කළේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජිනියය. උත්සවය නැරඹීමට සහ රැජිනට උපහාර දැක්වීමට දහස් සංඛ්‍යාත ජනතාවක් නගරයේ හයිඩ් පිටියේ පිරී සිටියහ.

Comments