තනි පුද්ගල මූල්‍ය වත්කම් යෙන් ට්‍රිලියන 2,000ක් දක්වා  ඉහළට.


ජපාන තනිපුද්ගල වත්කම් අගය ඉහළ යයි

.

ජපානයේ තනි පුද්ගල මූල්‍ය වත්කම් පිට පිට තුන්වන කාර්තුව සඳහා යෙන් ට්‍රිලියන 2,000 ආසන්නව ඉහළ ගොස් ඇත. ජපාන බැංකුවේ අරමුදල් ගලායාමේ වාර්තාව අඟහරුවාදා නිකුත් කළේ ජුනි මාසයෙන් අවසන් වූ මාස තුන තුළ මූල්‍ය වත්කම් වාර්ෂිකව සියයට 1.3 කින් ඉහළ ගොස් ඇති බවයි. 

 

තැන්පතු, කොටස් සහ රක්‍ෂණ ඇතුළුව තනි පුද්ගල සතු වත්කම් එම කාලය තුළ යෙන් ට්‍රිලියන 2,007 ක් වී ඇත. ව්‍යවහාර මුදල් සහ තැන්පතු සියයට 2.8 කින් වර්ධනය වී ඇති අතර එය සියලු පුද්ගල මූල්‍ය වත්කම්වලින් සියයට 55 කට ආසන්න ප්‍රමාණයක් වේ. 

 

මහ බැංකුව පවසා සිටින්නේ මිනිසුන් ඔවුන්ගේ ගිම්හාන බෝනස් වලින් සමහරක් ඉතිරි කර ගත් බවත් දුර්වල යෙන් විදේශ මුදල් වලින් ඔවුන්ගේ රක්ෂණයේ වටිනාකම ඉහළ නැංවූ බවත්ය.

117 Views

Comments