Mie ප්‍රාන්තයේදී සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනේ


Mie ප්‍රාන්තයේ සිදු වූ ඝාතන හා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී

.

පසුගිය මාර්තු මස 30 වන දින අලුයම 5.15 ට පමණ නගරයේ පිහිටි වීදියක් ඔස්සේ තම නිවස කරා යමින් සිටි 42 හැවිරිදි පිරිමි කාර්යාල සේවකයෙකු ඝාතනය කර ඔහු සතුව තිබූ යෙන් 550,000 ක් පමණ වටිනාකමින් යුතු මුදල්  සොරකම් කළ බවට සැකපිට Mie ප්‍රාන්තයේ Tsu හි පොලිසිය විසින් රැකියා විරහිත, ස්ථිර ලිපිනයක් නොමැති Yoshito Lshiguro සහ Yoshinobu Oi නම් 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

පොලිස් වාර්තා වලට අනුව සැකකරුවන් විසින් වින්දිතයා බිමට තල්ලු කර ඔහු හැඳ සිටි ජැකට් සාක්කුවේ උඩු සාක්කුවේ තිබූ මුදල් සොරකම් කර ඇති අතර මෙහිදී ඝාතනයට ලක්වූ පුද්ගලයා Mie ප්‍රාන්තයේ Yokkaichi නගරයේ මත්පැන් හලකින් මත් වන තුරු මත්පැන් පානය කර ඇති අතර, ඔහු එහි සිට නිවසට යාමට කුලී රථයක් යොදාගෙන ඇත. 

 

ප්‍රහාරයේ එක් සැකකරුවෙකු වන Oi එදින රාත්‍රියේ වින්දිතයා සිටි අවන්හලේ සේවකයකු ලෙස අවන්හල පරිශ්‍රය කළමනාකරණය කරමින් සිට ඇති අතර මෙම පුද්ගලයා සතුව විශාල මුදලක් තිබිය හැකි බවට අනුමාන කළ ඔහු Ishiguro සමඟ එක්වී කොල්ලකෑමේ කුමන්ත්‍රණය සකස් කළ බවට පොලිසිය මෙහිදී සැක පළ කර තිබේ .

80 Views

Comments