ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 1.08 ක් දක්වා ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදීමට ජාත්‍යන්තර අරමුදලකට පොරොන්දු වී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින කිෂිඩා අරමුදලට ලැබෙන දායකත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කැඳවනු ලැබූ රැස්වීමකට සහභාගී වී ඇත.
2030 වන විට ප්‍රධාන බෝවන රෝග තුන පරාජය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සියලු දෙනා එක්විය යුතු බව ඔහු පවසා ඇති අතර ජපාන රජය සහ අදාළ ආයතන ගෝලීය අරමුදලේ ක්‍රියාකාරකම් සඳහා දායක වීමට ශක්තිමත් නායකත්වයක් ලබා දෙන බවට කිෂිඩා ප්‍රතිඥා දී ඇත.