රජයේ ආරංචි මාර්ග වලට අනුව ජපානය තුළ සිටින බොහෝ තාක්ෂණික අභ්‍යාසලාභීන් තමන්ට අනුග්‍රහය දක්වන සමාගමෙන් පිටව වෙනත් සමාගම් වල රැකියා වල නිරතවීමට වැඩි නැඹුරුතාවක් දක්වයි.මෙම ගැටලුවට පිළියම් සෙවීමට ජපාන රජය විසින් පර්යේෂණයක් දියත් කර ඇත.
ජපානයේ විදේශ සේවා කාර්යාශය සහ සෞඛ්‍ය , කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය එකතුව ජපානය පුරා වෙසෙන අභ්‍යාසලාභීන් දෙදහක් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ අනුග්‍රාහක සමාගමෙන් ලැබෙන වැටුප සහ ඔවුන්ගේ එදිනෙදා වියදම් කටයුතුවලදී ඔවුන් කොතරම් ණය ප්‍රමාණයක් සිදුවන්නේදැයි සොයා බැලීමට මෙම පර්යේෂණය දියත් කිරීමට අදහස් කරයි.
ජපානය තුළට ඇතුළුවීමට පුද්ගලයන්ට අධික වියදමක් දැරීමට සිදුවන හෙයින් මෙරටට පැමිණීමෙන් පසු එම අනුග්‍රාහක සමාගම් වලින් ඔවුන්ට ගෙවන වැටුප ඔවුන්ගේ ණය සහ එදිනෙදා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව බොහෝ අභ්‍යාසලාභීන් පවසා ඇත.
මෙම පර්යේෂණය හරහා එම අභ්‍යාසලාභීන්ගේ ගැටළු සඳහා නිසි පිළිතුරු සොයා ගැනීමට සමාගම් හා එකතුව කටයුතු කරන්නට බලාපොරොත්තු වන බව තවදුරටත් රජයේ නිලධාරීන් පවසා ඇත.