චීන සමුද්‍ර ක්‍රියාකාරකම් වැඩිවෙමින් පවතින නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ තත්ත්වය වැනි ගැටලු විසඳීම සඳහා එක්ව කටයුතු කිරීමට ජපානය සහ පිලිපීන නායකයින් එකඟ වී ඇත.
ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ බදාදා නිව් යෝර්ක් හි දිවා භෝජන සංග්‍රහයේදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් සමඟ කතා කල අතර ඔවුන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට අමෙරිකාවට පැමිණ ඇත.
කිෂිඩා මාකෝස්ට පවසා සිටියේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාම සඳහා ජපානය සමඟ මූලික වටිනාකම් බෙදා ගන්නා පිලිපීනය සමඟ සහයෝගීතාවයට තමා වැදගත්කමක් දක්වන බවයි. මාකෝස් ප්‍රතිචාර දැක්වූයේ ජපානය සමඟ තම රටේ සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.