කිෂිඩා ජපානයේ වැඩි ආයෝජනයක් හා තිරසාර වර්ධනයක් සඳහා පොරොන්දු වෙයි.


ජපානය තව තවත් සංවර්ධනය කිරීමට වත්මන් අගමැතිතුමන් සැලසුම් සකස් කරයි

.

ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ තම රටේ ආර්ථිකය තුළ වඩාත් ක්‍රියාකාරී ජාත්‍යන්තර ආයෝජනයක් ඉල්ලා සිටින අතර අඛණ්ඩ දේශීය වර්ධනයකට ප්‍රතිඥා දී ඇත. ඒ බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේදීය. 

 

පුද්ගලික අංශයේ නිර්මාණාත්මක ශක්තිය උපයෝගී කරගනිමින් සහ දේශගුණික විපර්යාස වැනි විවිධ අවදානම් වලට ප්‍රතිචාර දැක්වීමෙන් වර්ධනය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා එය සැලසුම් කර ඇති බවද ඔහු පවසා ඇත. 

 

අයවැය, බදුකරණය සහ නියාමනය ඉවත් කිරීමේ පියවර ඇතුළුව හැකි සෑම ප්‍රතිපත්ති මෙවලමක්ම ක්‍රියා ගැන්වීමෙන් මෙය සාක්ෂාත් කර ගන්නා බවට ඔහු පොරොන්දු වී ඇත. මානව සම්පත් සඳහා ආයෝජනය කිරීම තම ප්‍රමුඛතාවයක් ලෙස සඳහන් කළ අගමැතිවරයා ශ්‍රම වෙළඳපොළ පුනර්ජීවනය කිරීමේ ඔහුගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කර ඇත.

Comments