තම දියණියට සහ ඇගේ පෙම්වතාට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


දියනියට හා පෙම්වතා හට පහරදුන් පියා අත් අඩංගුවට ගනී

.

Hokkaido ප්‍රාන්තයේ Otofuke හි ප්‍රාදේශීය පොලිසිය විසින් තම 19 හැවිරිදි දියණියට සහ ඇගේ පෙම්වතාට පහර දුන් බවට සැකපිට 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා තම දියණිය සමඟ දිගු කලක් තිස්සේ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත් හදිසියේම ඔවුන් තම නිවසට පැමිණීම නිසා කෝපයට පත් වූ බැවින් එලෙස පහර දී ඇති බවත් නිලධාරීන් මෙහිදී සඳහන් කළේය . 

 

ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා දින රාත්‍රී 10.20 ට පමණ සිය දියණියගේ මුහුණට කිහිප වතාවක් පහර දී ඇති අතර ප්‍රහාරය හේතුවෙන් ඇගේ උඩු තොල අවට ප්‍රදේශය තුවාල වී ඇති බව වාර්තා වේ . 

 

නිශ්චිත රැකියාවක් නොමැති මෙම 19 හැවිරිදි දියණිය මීට මාස කිහිපයකට පෙර තම නිවස හැර ගොස් එදින පටන් සිය පෙම්වතා සමඟ ජීවත්ව සිට ඇති අතර මෙහිදී ප්‍රහාරයට ලක් වූ කාන්තාව කියා සිටියේ " තම පියා එකවර කෝප වී තමාට සහ පෙම්වතාට පහර දීමට පටන් ගත් බවත් වහාම නිවසින් එළියට පැන විත් පොලිසියට කතා කළ බවත්ය" .

140 Views

Comments