සාත්තු නිවාසයක රඳවා සිටි 92 හැවිරිදි කාන්තාවක ඝාතනය කළ සැකකරු Hokkaido හි සිටින බවට අනාවරණය වේ


මහලු කාන්තාවක් ඝාතනය කල පුද්ගලයා පිලිබදව Hokkaido ප්‍රදේශයෙන් තොරතුරු ලැබේ

.

Tokyo මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Kita Ward හි වැඩිහිටි නිවාසයක රඳවා සිටි 92 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් රට පුරා සැඟව සිටින අතවශ්‍ය සැකකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් කර සිටි Takashi Kikuchi නම් 50 හැවිරිදි පුද්ගලයෙකු Hokkaido හි සිටින බවට විශ්වාස කරන බවයි. 

 

සැප්තැම්බර් 17 වන දින Iwate ප්‍රාන්තයේ JR Mirioka දුම්රිය ස්ථානයෙන් දුම්රියකට ගොඩවූ සැකකරු Ibaraki ප්‍රාන්තයේ Tsukuba දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ කැමරා දර්ශනවල දක්නට ලැබී ඇති අතර ඉන්පසු ඔහු Hokkaido වෙත ගමන් කිරීමට බුලට් දුම්රියකට ගොඩවී ඇති බව සඳහන් වේ. 

 

සැප්තැම්බර් 16 වන දින උදෑසන 7.20 ට පමණ සාත්තු නිවාසයේ නතර වී සිටි Yoko Yamanobe  නම් 92 හැවිරිදි කාන්තාව ඝාතනය කර පළා යාම සම්බන්ධයෙන් Kikuchi හට චෝදනා එල්ල වී ඇති අතර හිසේ තුවාලයකින් ලේ ගලමින් ඇඳේ පැත්තක වැතිර සිටි මෙම කාන්තාව රෝහලට රැගෙන යාමෙන් පසුව මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. 

 

එමෙන්ම මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ ඉහළ කොටස් උණු වතුරෙන් පුළුස්සා ඇති බවත්, ඇගේ දෑත් කැඩී ඇති බවත් හෙළිවී ඇති අතර පොලිසිය මෙහිදී කියා සිටියේ රැකවරණ මධ්‍යස්ථානයේ සේවය කළ සහ සැප්තැම්බර් 15 වන දින රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටි Kikuchi 16 වන දින රැකියාවට නොපැමිණ ඇති බවයි. 

 

සැකකරු විසින් වින්දිතයාගේ බැංකු ගිණුමෙන් යෙන් 820,000 ක මුදලක් ලබාගෙන ඇති බවත්, ඔහු අගනුවරින් පිටත්ව යාමට පෙර සැප්තැම්බර් 16 වන දින උදෑසන ATM කාඩ්පතක් භාවිතා කරන ආකාරය Shibuya හි පිහිටි සාප්පුවක නිරීක්ෂණ කැමරා දර්ශනවලින් පෙන්නුම් කළ බවත් පොලීසිය වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය .

Comments