අවුරුදු 16 ක පිරිමි ළමයෙකුට  පිහි ඇනුම් සිදු කළ තරුණයෙක් අත්අඩංගුවට


2010 වර්ෂයේ ඔක්තෝම්බර් මස වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකු දරුණු ලෙස පිහි ඇනුම් තුවාල වලට ලක්කර මරා දැමුණු අවුරුදු 29?

.

2010 වර්ෂයේ ඔක්තෝම්බර් මස වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකු දරුණු ලෙස පිහි ඇනුම් තුවාල වලට ලක්කර මරා දැමුණු අවුරුදු 29ක තරුණයෙකු Kobe පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාස හතරක මනෝචිකිත්සාව කින් පසුව යහපත් සෞඛ්‍යය මට්ටමේ ඇති බව සනාථ කර ගැනීමෙන් අනතුරුව අදාළ නඩුව විභාග කිරීම ආරම්භ කර ඇත.

 

පසුගිය දෙසැම්බර් 13 වැනිදා අදාළ නඩු විභාගය අවසන් වූ නමුදු  චූදිතයා තම වරද පිළි ගත්තේ ද නැද්ද යන්න පොලිසිය විසින් හෙළිකර නැත.

 

අදාල විසි නව හැවිරිදි පුද්ගලයා මුළුතැන්ගෙයි ඇති පිහියක්  යොදා ගනිමින් මෙම අනතුර සිදු කර තිබුණු අතර මරා දැමුණු තරුණයාගේ ගෙළ ප්‍රදේශයට 8cm පමණ  තුවාලයක් ඇති කරන සුලු  ඇනුම් සිදු කර තිබිණ. අදාළ තරුණයා ඒ මොහොතේ මරණයට පත්ව ඇත්තේ  අධික ලෙස රුධිරය වහනය වීමෙන් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර තිබුණි.

 

මරණයෙන් දින 6 කට පමණ පසුව ඒ සඳහා යොදා ගත් පිහය අසල වලක තිබී සොයාගෙන තිබූ අතර DNA පරීක්ෂණයකින්  අදාල පිහියේ තිබු රුධිරය  මරණයට පත්වූ  තරුණයාගේ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබිණ.

Comments