අඩ සියවසකට පෙර තවත් ජපන් රාජ්‍ය අවමංගල්‍යයක්


මීට වසර පනහකට පමණ පෙර ජපානයේ තවත් රාජ්‍ය නායකයෙකුගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පිළිබඳ වාර්තා වෙයි

.

අබේ ෂින්සෝ වෙනුවෙන් අඟහරුවාදා පැවැති  උත්සවය ජපානයේ පශ්චාත් යුධ ඉතිහාසයේ හිටපු අගමැතිවරයෙකුගේ දෙවන රාජ්‍ය අවමංගල්‍යය වන අතර ඒ 1967 දී යොෂිඩා ෂිගෙරුගේ අවමංගල්‍ය උත්සවයට පසුවයි. යොෂිඩාගේ රාජ්‍ය අවමංගල්‍යය ඔහුගේ මරණයෙන් දින 11කට පසුව එම වසරේ ඔක්තෝබර් 31 දින පැවැත්වී ඇත. එය ටෝකියෝවේ නිපොන් බුඩෝකාන්හිදී ද සිදු වූ අතර එය රූපවාහිනියෙන් සජීවීව විකාශය කර ඇත. 

 

කනගාවා ප්‍රාන්තයේ ඔයිසෝ නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සිට යෝෂිඩාගේ දේහය රැගත් රථ පෙළපාලියක් සමඟින් 170,000ක ජනකායක් එහි පැමිණ ඇති අතර ආරක්ෂක භටයන් 8,000ක් පමණ එයට යොදවා ඇත. 

 

රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට 6,000 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර එයට එවකට ඔටුන්න හිමි කුමරු සහ කුමරිය, ව්‍යාපාරික සහ වෙනත් ක්ෂේත්‍රවල නියෝජිතයින් සහ රටවල් 72 ක නියෝජිතයින් ඇතුළත්ව ඇත.

141 Views

Comments