ජපන් ජනතාව අබේගේ රාජ්‍ය අවමංගල්‍යයට පෙර පූජාසන මත මල් තබයි.


හිටපු අගමැතිගේ රාජ්‍යය අවමංගල්‍ය උත්සවයට බොහෝ පිරිස ගෞරවය පුද කරයි

.

ජපානයේ ජනතාව අඟහරුවාදා උදෑසන සිට හිටපු අගමැති අබේ ෂින්සෝට ගෞරව කිරීම සඳහා පූජාසන මත මල් තබා ඇත. ඒ සඳහා මධ්‍යම ටෝකියෝවේ නිපොන් බුඩෝකාන් අසල පිහිටි කුඩන්සාකා උද්‍යානයේ පූජාසන දෙකක් පිහිටුවා ඇත. අබේගේ රාජ්‍ය දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා පස්වරුවේ නිපොන් බුඩෝකාන්හිදී සිදුවිනි. 

 

පෙරවරු 9.30 ට පමණ මිනිසුන් පූජාසන මත මල් තැබීමට පටන් ගත් අතර එය සැලසුම් කළ කාලයට වඩා කලින් සිදු වූයේ බලාපොරොත්තු වූවාට වඩා වැඩි පිරිසක් රැස්ව සිටි බැවින්ය. අනතුරුව එක් එක් පුද්ගලයින් දිවංගත හිටපු අගමැතිතුමාගේ රුව ඉදිරිපිට මල් තබා යාඥා කර ඇත.

73 Views

Comments