ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අත්අඩංගුවට ගෙන රුසියාවෙන් පිටවීමට නියෝග කරයි.


රුසියාවේ වාසය කළ ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ට ඉන් පිටවීමට නියෝග ලබා දෙයි

.

ඔත්තු බැලීමේ චෝදනාව මත රුසියාවේ ඈත පෙරදිග වරාය නගරයක් වන ව්ලැඩිවොස්ටොක් හි ජපන් කොන්සල් ජනරාල් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු රඳවාගෙන ඔහුට රට හැර යන ලෙස නියෝග කළ බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය පවසා ඇත. 

 

රුසියානු විදේශ අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොන්සල්වරයාගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මොස්කව්හි ජ්‍යෙෂ්ඨ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කැඳවූ බවයි. අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයා පැය 48ක් ඇතුළත රුසියාවෙන් පිටවිය යුතු බව අමාත්‍යාංශය නිලධාරියාට දැනුම් දුන් බව ද එහි සඳහන් වී ඇත. 

 

ජපාන රජයට දැඩි විරෝධයක් ද ඉදිරිපත් කළ බව අමාත්‍යාංශය සඳහන් කර අතර මොස්කව්හි ජපන් තානාපති කාර්යාලය තහවුරු කර සිටියේ ව්ලැඩිවොස්ටොක්හි කොන්සල් ජෙනරාල් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුටද එවැනි නියෝගයක් ලැබුණු බව පවසා ඇත.

Comments