අබේගේ අඅවමංගල්‍යයේදී තායිවානයට සැලකීම සම්බන්ධයෙන් චීනය ජපානයට අනතුරු අඟවයි.


ජපානය තායිවානය හා මිතුරු වීම සම්බන්ධව චීනයේ අප්‍රසාදය පළ වෙයි

.

හිටපු අගමැති ෂින්සෝගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේදී තායිවානයට සැලකීම සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යාංශය ජපානයට අවවාද කර ඇත. අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අඟහරුවාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තායිවානයේ නියෝජිතයින් අවමංගල්‍යයට මල් පූජා කිරීම ගැන විමසා ඇත. 

 

තායිවානය චීනයේ අත්‍යවශ්‍ය කොටසක් බවත් එක්-චීන මූලධර්මය ජාත්‍යන්තර ප්‍රජාව විසින් විශ්වීය වශයෙන් පිළිගෙන ඇති බවත් වැන්ග් එහිදී ප්‍රකාශ කර ඇත. 

 

ජපානය චීනය සමඟ හුවමාරු කරගත් දේශපාලන ලේඛන හතරේ මූලධර්මවලට අවනත වන ලෙසත්, තායිවාන බෙදුම්වාදීන්ගේ දේශපාලනය සඳහා කිසිදු වේදිකාවක් හෝ අවස්ථාවක් ලබා දීමෙන් වළකින ලෙසත් ඔහු ජපානයෙන් ඉල්ලා සිට ඇත.

138 Views

Comments