ජපානයේ විනිවිද පෙනෙන පොදු වැසිකිළි


ජපානයේ විනිවිද පෙනෙන පොදු වැසිකිළි

.

මේක හරිම දක්ෂ විදිහට හදපු සැලැස්මක්. මෙහෙම විනිවිද පෙනෙනුනට, කවුරුන් හෝ ඇතුලත සිටිනවිට එහි විනිවිද බව නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇතුලත පෙනෙන්නේ නැති වෙනවා. ඇතුලෙන් අගුල් දැමූවිට වීදුරු වල විනිවිද බව වෙනස් වෙන ආකාරයට තමයි මෙය සකස් කරලා තියෙන්නේ. 

 

මේ සැලස්ම හදලා තියෙන්නේ අන්තර්ජාතික Pritzker Prize සම්මානලාභී Shigeru Ban. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. 

 

හැමදාමත් අමුතුම තාක්ෂණයන්ගෙන් කතා මවන ජපානයේ මේ විනිවිද පෙනෙන නිර්මාණය පිහිටලා තියෙන්නේ, ටෝකියෝවේ උද්‍යාන දෙකකයි. 

 

මේවා හැදූ සමාගම කියන්නේ, මේ නිසා ඒවා නිතරම පිරිසිදුව තිබෙනවලු. ඒ වගේම කෙනෙකුට අනවශ්‍ය ලෙස ඒවායේ සැඟවී ඉන්නත් ඉඩකඩ නැතිලු. ඊට අමතරව රාත්‍රී කාලයේදී උද්‍යානයට අලංකාර ආලෝකයක් මේවා එක් කරනවලු.

 

උපුටා ගැනීමකි

Comments