Mc Donald's Japan මේ වසරේ දෙවන වරටත් මිල ඉහල නංවයි.


McDonald Japan නැවත වතාවක් ඔවුන්ගේ මිල ඉහළ දමයි

.

McDonald's Japan මේ වසරේ දෙවන වරටත් එහි මිල ඉහල දමා ඇති අතර, අමුද්‍රව්‍යවල මිල ඉහල යාම සහ යෙන් වල තියුනු ක්ෂයවීම් හේතුවෙන් එලෙස ඉහළ ගොස් ඇත. මෙවර සමාගම සිකුරාදා සිය භාණ්ඩවලින් සියයට 60 ක පමණ මිල ගණන් යෙන් 10 ත් 30 ත් අතර ප්‍රමාණයකින් වැඩි කර ඇත. සාමාන්‍ය හැම්බර්ගර් එකක මිල යෙන් 150ක් හෙවත් ඩොලරයක් පමණ දක්වා ඉහළ ගිය අතර චීස් බර්ගර් එකක මිල දැන් යෙන් 180ක් වේ. 

 

සෑම දිනකම උදේ සහ දිවා ආහාර වේලාවේ අවන්හලට අනුග්‍රහය දක්වන 83 හැවිරිදි කාන්තාවක් පැවසුවේ මිල වැඩි කිරීම තමාට බෙහෙවින් බලපාන බවයි. කිරි සහ සහල් වැනි සුපිරි වෙළඳසැල් ද්‍රව්‍යවල මිල ඉහළ යාම පිළිබඳව ද තමන් අසතුටට පත්වන බවද ඇය සඳහන් කළාය. 

 

අවම වශයෙන් සතියකට වරක් අවන්හලට පැමිණෙන 24 හැවිරිදි සිසුවෙකු පවසා සිටියේ ඉහළ මිල ගණන් වේදනාකාරී නමුත් සමාගමට ලාභයක් ලැබිය යුතු බැවින් ඒවා වළක්වා ගත නොහැකි යැයි ඔහු සිතන බවයි.

 

89 Views

Comments