තායිවානය ජපානය සමඟ ගැඹුරු සබඳතා අපේක්ෂා කරයි.


තායිවානය හා ජපානය අතර සම්බන්ධතා පුළුල් කර ගැනීමට කටයුතු කෙරේ

.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තායිවානය සමඟ සිය සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරන ලෙස තායිවාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ජපානයෙන් ඉල්ලා ඇත. 

 

Joanne Ou මේ බව කියා සිටියේ ජපානය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ 50 වැනි සංවත්සරය යෙදෙන බ්‍රහස්පතින්දා දින මාධ්‍යවේදීන් අමතමින්‍ය. එය ජපානය සහ තායිවානය අතර සබඳතා බිඳ දැමීමේ 50 වැනි සංවත්සරය ද වේ. 

 

තායිවානය සහ ජපානය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි මූලික වටිනාකම් බෙදාහදා ගන්නා බව ඇය අවධාරණය කර ඇත. ජපාන-චීන සබඳතා සම්බන්ධයෙන් ගත් කල ජපන් රජය තම අවශ්‍යතා සඳහා සුදුසු ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ඇතැයි තායිවානය විශ්වාස කරන බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

Comments