ජපානය තුළ ඉතා සීඝ්රයෙන් පැතිර යන omicron ප්‍රභේදය හේතුවෙන් එරට ප්‍රාන්ත ගණනාවකම මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබේ.රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට රෝහල්වල ධාරිතාවයද ඉක්මවා යන්නට බොහෝ ආසන්න මට්ටමකට ළඟාවී ඇත.
ලෝකයෝ ආණ්ඩුකාරවරය පවසා ඇති පරිදි රෝහල්වල ධාරිතාවය සියට 50 ඉක්මවා යන අවස්ථාවේදී සම්පූර්ණ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට රජය සූදානමින් සිටී.
රෝහල් වෛද්‍යවරුන් පවසන පරිදි සති දෙකකට ඉහතදී වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතර වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි පිරිස නොසිටි අතර එහෙත් මේ වන විට ආසාදිතයන් ගෙන් තුනෙන් එකක් පමණ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්වේ.