ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලය මිසයිල දියත් කිරීමට විරෝධය පළ කරයි.


උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ දෝෂදර්ශනයට ලක් වෙයි

.

උතුරු කොරියාව විසින් මෑතදී දියත් කරන ලද බැලස්ටික් මිසයිලවලට විරෝධය පළ කරමින් ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කර ඇත. එම යෝජනාව බදාදා ඒකමතිකව අනුමත කළ අතර එය සිදුවූයේ පෙරේදා ජපානයට ඉහළින් පියාසර කළ අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බැලීමෙන් පසුවය. 

 

මෙම වසර ආරම්භයේ සිට උ.කොරියාව 20 වතාවක් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර අඟහරුවාදා දියත් කිරීමේදී මිසයිලය වසර පහකට පමණ පසු පළමු වරට ජපානය හරහා ගමන් කළ බව සඳහන් වී ඇත. 

 

දියත් කිරීම් ජපානයේ ආරක්ෂාවට ආසන්න සහ බරපතල තර්ජනයක් වන අතර එය කිසිසේත් ඉවසිය නොහැකි බව යෝජනාවේ සඳහන් වේ. එයට දැඩි ලෙස විරෝධය පළ කරන බවත් ඒවා දැඩි ලෙස හෙළා දකින බවත් ප්‍රකෝපකාරී ක්‍රියා නතර කරන ලෙස පියොංයැන්ග්ගෙන් ඉල්ලා සිටින බවත් එහි සඳහන් වී ඇත.

108 Views

Comments