F-15 ප්‍රහාරක යානාවක් මුහුදට කඩා වැටේ


ASDF F-15 ප්‍රහාරක යානාවක් දෙදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමග පසුගිය අඟහරුවාදා ජපන් මුහුද  ඉහල

.

ASDF F-15 ප්‍රහාරක යානාවක් දෙදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමග පසුගිය අඟහරුවාදා ජපන් මුහුද  ඉහල අහසේදී රේඩාර් සංඥා වලින් ඉවත්විනි.

 

ජපාන  ASDF, MSDF බලකා සහ  වෙරළ ආරක්ෂක බලකාය  මෙම අතුරුදහන් වූ යානාව සොයා සැහැල්ලු ගුවන් ගුවන්යානා හෙලිකොප්ටර් සහ නාවික යාත්‍රා Ishikawa ප්‍රාන්තයේ Komatsu හමුදා මූලස්ථානයේ සිට දියත් කර තිබේ.

 

මෙම ප්‍රහාරක යානාව පුහුණු සැසියක් සඳහා පිටත්ව ගොස් ඇති අතර යානාවේ  කොටසක් සහ ජීවිත ආරක්ෂණ උපකරණ  මුලස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ ඈතින් මුහුදේ  පාවෙමින් තිබියදී හමුවී ඇත.

 

මෙය සත්‍ය වශයෙන්ම අනතුරට ලක් වුනි නම්  2019 ඉන්පසු ASDF යානාවක් ජපන් ඉහළ අහසේ දී අනතුරට ලක් වූ  ප්‍රථම වතාව මෙය වේ. එම යානාව මෙසේ අනතුරට පත්වීමට හේතුව පිළිබඳව  ASDF විසින් දැනටමත්  පරීක්ෂණ දියත්  කර තිබේ.

447 Views

Comments