ටෝකියෝ ගඟේ තිබී හමුවූ සිරුර 7 හැවිරිදි අතුරුදන්වූ දැරියගේ බව තහවුරු කරයි.


ටෝකියෝ ගඟේ තිබී 7 හැවිරිදි දැරියගේ මළ සිරුර හමුවෙයි

.

ටෝකියෝවට ආසන්න ගංගාවක තිබී මේ සතිය මුලදී සොයා ගත් මළ සිරුර සැප්තැම්බර් අගදී අතුරුදන් වූ 7 හැවිරිදි දැරියගේ බවට තහවුරු වී ඇතැයි ජපාන පොලිසිය පවසා ඇත. බ්‍රහස්පතින්දා පොලිසිය පවසා සිටියේ DNA විශ්ලේෂණයෙන් එම සිරුර මිනාමි සයාගේ බවට හඳුනාගෙන ඇති බවයි. 

 

අඟහරුවාදා ඉචිකාවා නගරයේ ගඟක තිබී එවැනිම ඇඳුම් ඇඳගත් දැරියකගේ මළ සිරුරක් සොයා ගෙන ඇත. එම ස්ථානය පිහිටා තිබුණේ ගං ඉවුරේ සිට කිලෝමීටර් 15ක් පමණ පහළට එපිටින් වන අතර එහිදී සායාගේ සපත්තු සහ මේස් සොයාගෙන ඇත. 

 

බදාදා පොලිසිය පවසා සිටියේ සිරුරේ කැපී පෙනෙන බාහිර තුවාල කිසිවක් නොමැති බවයි. දැරිය විශාල වශයෙන් ජලය ගිල දමා ඇති බවත්, දියේ ගිලී මිය ගොස් ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බව පොලීසිය පවසා ඇත.

64 Views

Comments